RSS
කාන්තා රෝග සහ සෞඛ්යය පිළිබඳ ආයුර්වේද දැනුවත් කිරීමේ වැඩසටහනක්
**********************************************************************
කාන්තා රෝග සහ සෞඛ්යය පිළිබඳ දෙහිවල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුබෝවිල හා උද්යාන ග්රාම නිලධාරි වසම්වල කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා කළුබෝවිල ප්රතිබිම්බාරාම විහාරස්ථානයේදි පැවැත්විණි.
ගරු ප්රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි, වනිතා සංවර්ධන නිලධාරිනි කල්පානි මහත්මියගේ සංවිධානයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දෙහිවල කොට්ඨාසයේ ප්රජා ආයුර්වේද වෛද්ය එෆ්.එෆ්.එස් මොහිදීන් මහත්මියගේ හා ප්රජා ආයුර්වේද වෛද්ය එම්.ජේ.එම්.හසන් මහතාගේ සම්පත් දායකත්වය ලබාදෙන ලදී. කළුබෝවිල හා උද්යාන ග්රාම නිලධාරි වසම්වල කාන්තාවන් රැසක් මේ සඳහා සහභාගි වූහ.
 
 
Powered by Phoca Gallery
Scroll To Top