RSS
දරුවන් සඳහා රසවින්දනාත්මක වැඩසටහනක්
******************************************
දොළොස්මහේ පහන වැඩසටහන යටතේ දෙහිවල ප්රාදේශිය ලේකම් කාර්යාලය මඟින් වෙරළ කලාපීය දරුවන් හා ජයතිලක වසමේ මුතුමල් සෞන්දර්ය ළමා සමාජය වෙනුවෙන් රස වින්දන වැඩසටහනක් පසුගියදා දෙහිවල ධිවර ප්රජා ශාලාවේදී පවත්වන ලදී.
ප්රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි සංස්කෘතික සංවර්ධන නිලධාරී සාමා කුරේ මහත්මිය හා සංස්කෘතික නිලධාරී රසිකා සිරිවර්ධන මහත්මිය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ප්රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී,උපදේශන සහකාර නිලධාරී,නිපුණතා සංවර්ධන නිලධාරී,කෘෂිකර්ම සංවර්ධන නිලධාරී ඇතුළු ක්ෂේත්ර නිලධාරීන් රැසක් සහභාගි වූහ.
 
 
Powered by Phoca Gallery
Scroll To Top