Photo Gallery - ආහාර සුරක්ෂිතාවය පිළිබඳ විශේෂ දේශනයක්
ආහාර සුරක්ෂිතාවය පිළිබඳ විශේෂ දේශනයක්
******************************************
"අහරින් සපිරි කොළොම්තොටක්"කොළඹ දිස්ත්රික් ලේකම් ප්රදීප් යසරත්න මැතිතුමාගේ උදාරතර සංකල්පයකට අනුව කොළඹ දිස්ත්රික්කයේ ක්රියාත්මක වගා වැඩසටහන යටතේ ප්රාදේශීය ලේකම් ශිරෝමි ජීවමාලා මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ දෙහිවල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්රාම නිලධාරී වසම් 15 ම ආවරණය කරමින් සියළුම රාජ්ය ආයතන,පාසල් ආගමික ස්ථාන,පෙරපාසල් ,ළමා නිවාස ,වැඩිහිටි නිවාස,ක්රිඩා සංගම්,කළායතන වැනි රාජ්ය හා රාජ්ය නොවන ආයතනවල,සංවිධානවල , සාර්ථකව ක්රියාත්මක වෙමින් පවතී.
එම කාර්යයන් සඳහා මගපෙන්වීම සිදුකරනු ලබන ග්රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්,කෘෂි කර්ම සංවර්ධන නිලධාරීන්,කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් ඇතුළු සියළුම ක්ෂේත්ර නිලධාරීන් හට ආහාර සුරක්ෂිතාවය පිළිබඳ විශේෂ දේශනයක් පසුගියදා දෙහිවල ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්විණි.
ගල්කිස්ස හෝටලයේ ප්රවීණ සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වා මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවති එම වැඩසටහන ප්රාදේශීය ලේකම් ශිරෝමි ජීවමාලා මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි දෙහිවල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ විදතා නිලධාරී ජානක පෙරේරා මහතාගේ සම්බන්ධිකරණයෙන් සංවිධානය කෙරුණු අතර මෙම වැඩසටහන සඳහා සහකාර ප්රාදේශීය ලේකම් ඊ.එම්.එස්.එම්.ඒකනායක මහත්මිය, සහකාර අධ්යක්ෂ (ක්රමසම්පාදන) වරුණ සුගන්ධ මහතා,ගණකාධිකාරී මධුරංග මහතා, සමෘද්ධි මූලස්ථාන කලමනාකරු කුමුදු පෙරේරා මහත්මියග්රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ඇතුළු සියළුම ක්ෂේත්ර නිලධාරීන් සහභාගිවූහ.
















