Photo Gallery - එක්ස්ප්‍රස් පර්ල් වන්දි මුදල් පිරිනැමිම - II වන අදියර
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිණිගෙන මුහුදුබත් වීම හේතුවෙන් විපතට පත් ධීවර කාර්මිකයන් සඳහා වන්දි මුදල් පිරිනැමිම - II වන අදියර
***********************************************************************
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මඟින් ක්‍රියාත්මක කෙරෙන දෙහිවල විපතට පත් ධීවර ජනතාව සඳහා වන්දි මුදල් පිරිනැමීම අද දින දෙහිවල ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්රයයේදි පැවැත්විණ.එහිදි ධිවර ජනතාව 259 ක් සඳහා වන්දි මුදල් පිරිනැමීමට කටයුතු සූදානම්ව පැවති අතර, මෙම අවස්ථාව සංකේතවත් කරමින් දෙහිවල ප්‍රාදේශීය ලේකම් වයි. කේ. ශිරෝමි ජීවමාලා මහත්මිය විසින් චෙක්පත් පිරිනමන ලදි.
දෙහිවල ප්‍රාදේශීය ලේකම් වයි. කේ. ශිරෝමි ජීවමාලා මහත්මියගේ උපදෙස් පරිදි ආපදා සහනසේවා නිලධාරී වන එම්.සුරේණි මහත්මිය සහ බි.සි ප්‍රියංගිකා මහත්මිය ඇතුළු දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා අංශය මඟින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් ධීවර කාර්යාල නිලධාරිනි ඩි.එම්.එච් දමයන්ති මහත්මියද සහභාගි විය.
















