புகைப்பட கேலரி - Marine Drive (මුහුදුබඩ මාර්ග) ව්‍යෘපෘතියේ ඉදිකිරීම් කටයුතු කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාගේ නීරීක්ෂණයට
Marine Drive (මුහුදුබඩ මාර්ග) ව්‍යෘපෘතියේ ඉදිකිරීම් කටයුතු කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාගේ නීරීක්ෂණයට
***********************************************************************
ප්‍රේෂර් ඇවනිව් මාර්ගයේ සිට දෙහිවල දුම්රිය පොල මාර්ගය දක්වා දිවෙන කි.මි 1.2ක් පමණ වූ මෙම මුහුදුබඩ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අද දින කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක්විය.දෙහිවල ප්‍රාදේශීය ලේකම් නලිනි බාලසුබ්රමනියම් මහත්මිය,සහකාර අධ්යක්ෂ(ක්‍රමසම්පාදන)වරුණ සුගන්ධ මහතා,ඉඩම් නිලධාරී ජානකී මහත්මිය ඇතුළු කාර්යාල නිලධාරීන් පිරිසක් හා මාර්ග සංවර්ධන අධිකාරීයේ ව්‍යාපෘති ඉංජිනේරු සහ තාක්ෂණ නිලධාරීන්ද මේ අවස්ථාවට සහභාගි වූහ. කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා මෙම මාර්ගයේ ඉදිකිරීම් වල වර්තමානය තත්ත්වය හා ඉදිරි සැලසුම් පිළිබඳ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමද මෙහිදී සිදුකෙරෙණි. මේ වනවිට ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කොට එහි ගෙවීම් කටයුතුද අවසන් කොට ඇත.
ප්‍රේෂර් ඇවනිව් මාර්ගයේ සිට දෙහිවල දුම්රිය පොල මාර්ගය දක්වා දිවෙන කි.මි 1.2ක් පමණ වූ මෙම මුහුදුබඩ මාර්ගයේ කටයුතු තවත් මාසයකින් නිමකිරීමට හැකියාව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරීය පවසයි.
















