புகைப்பட கேலரி - මත්නිවාරණ වැඩමුළුවක්
ලෝක මත්ද්‍රව්‍ය විරෝධි දිනය වෙනුවෙන් මත්නිවාරණ වැඩමුළුවක් *************************************************************
ලෝක මත් විරෝධි දිනය මුල්කොටගෙන ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක් පසුගියදා දෙහිවල ප්‍රාදේශිය ලේකම් වයි. කේ. ශිරෝමි ජීවමාලා මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙහිවල ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.
අන්තරායකර ඹෟෂධ පාලක ජාතික පාලක මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ආශා ජයවර්ධන මහත්මිය, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ ප්‍රජා විශෝධන නිලධාරි ඩබ්.එච්. සුගතදාස මහතා, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලයේ (කොළඹ දකුණ) ලුතිනන් කර්නල් මායාදුන්න මහතා සහ සමෘද්ධි මුලස්ථාන කළමණාකරු ජේ.ඒ.කේ.කේ.කුමුදු මහත්මිය යන නිලධාරීන් සහභාගි වූහ.
මෙම වැඩසටහන දෙහිවල ප්‍රාදේශිය ලේකම් වයි. කේ. ශිරෝමි ජීවමාලා මහත්මියගේ මඟපෙන්වීමෙන් යටතේ සමෘද්ධි අංශය, අන්තරායකර ඹෟෂධ පාලක ජාතික පාලක මණ්ඩලය හා ප්‍රජා විශෝධන නිලධාරි චන්න කරුණාරත්න මහතා විසින් සංවිධානය කරන ලදි.
















