සුපිපිණු නෙළුම් විලස-සුවඳ දෙන සිත් ඇති පුංචි දරුවන්ගේ සිහින සැබෑ කර ලොව ජය ගැනුමට වෙර දරනා පුංචි සිත්වලට දිරිය අත්වැලක් ලෙස පිදෙන”නැණ මිණි” කැපකරු ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන- දෙහිවල

***********************************************************************

කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන "නැණ මිණි" කැපකරු ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහනේ දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨසීය වැඩසටහන, දෙහිවල ප්‍රාදේශීය ලේකම් වයි.කේ. ශිරෝමි ජීවමාලා මැතිනියගේ උපදෙස් හා මඟපෙන්විම යටතේ සහකාර ප්‍රාදේශීය ලේකම් සාලිකා ඒකනායක මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද අතර, එම වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් මහ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එස් ද එස් ජයසිංහ රඟහලේදී පසුගියදා පැවැත්විණි.

මෙම වැඩසටහනේදී ආර්ථික අපහසුතා සහිත පවුල්වල දරුවන් 133 ක් දෙනෙකු සදහා ශිෂ්‍යත්ව පිරිනැමිණි.

මෙම අවස්ථාවට කොළඹ දිසාවේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් හා දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිලධාරීන්, කාර්ය මණ්ඩලය ඇතුළුව ශිෂ්‍යත්වය ලබාදීම වෙනුවෙන් දායකත්වය ලබාදුන් කැපකරු මහත්ම මහත්මීන් ද සහභාගී විය.

එලෙසම, පාසල් උපකරණ සංචිතය සඳහා රාජ්‍ය නොවන සංවිධාන හා පරිත්‍යාගශීලින් විසින් උපකරණ ලබාදීමට ද කටයුතු කෙරිණි.

1322

1401

1403

1405

News & Events

11
Aug2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

20
Jun2026
සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

   දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය...

Scroll To Top