2022 ශ්‍රි විභූති දෙහිවල ප්‍රාදේශිය සාහිත්‍ය කලා මහෝත්සවය 2022.10.18 දින දෙහිවල එස්. ද. එස්. ජයසිංහ රඟහලේදී, කොළඹ මහ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ප්‍රවීන කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයේ දී, ප්‍රවීණ ගීත රචක සුනිල් ආර්. ගමගේ මහතා, සාහිත්‍ය හා ගීතය මැයෙන් රස වින්දන වැඩසටහනක් ඉදිරිපත් කළ අතර, කාර්යාල නිලධාරීන්ගේ ගීත ගායනාවලින් හා චන්න උපුලි රංගායතනයේ මෙන්ම ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නර්තනයන්ගෙන් සාහිත්‍ය කලා මහෝත්සවය සුපෝෂණය විය.
නිවුණු හැදුණු පිරුණු සොදුරු මිනිසුන් පිරි පින්බර දේශයක් නිර්මාණය කිරීමේ උදාරතර කර්ව්‍යය උදෙසා විවිධ අංශවලින් කලාකෙත සුපෝෂණයට දායක වූ,
ජනමාධ්‍ය කලාව- තුසිත මුනින්ද්‍රදාස
ජනමාධ්‍ය කලාව- ස්ටැන්ලි හෙට්ටිආරච්චි
සංගීත කලාව- සැම්සන් පැටිකිරිආරච්චි
වේදිකා පසුතල නිර්මාණය- අසංක බුලත්සිංහල
නාට්‍ය කලාව- ෂන්මුග ෂර්මා ජය ප්රකාෂ්
සංගීත කලාව- රොෂාන් ලක්ෂාන්ත ද සිල්වා
නර්තන කලාව - වින්ද්‍යා වරකාගොඩ
සිනමා අධ්‍යක්ෂණය- නඩරාජා මනිවන්ණන්
යන කලාකරුවන් 08 දෙනා මෙම වසරේදී, දෙහිවල ශ්‍රී විභූති සම්මානයෙන් පිදුම් ලද අතර, ශ්‍රී විභූති සම්මානලාභිනියක් වන උම්මු සකියා මහත්මිය විසින් රචිත සාහිත්‍ය ග්‍රන්ථය එළිදැක්වීමද මෙහිදී සිදුකෙරිණී.
තවද, සාහිත්‍ය තරගවලින් ජයග්‍රහණය ලැබූ පාසැල් දරුවන් හා විවෘත අංශයේ තරගකරුවන් හට සහතික හා ත්යායාග ප්රදානය සිදු කරන ලදි.
දෙහිවල ප්‍රාදේශිය ලේකම් ශිරෝමි ජීවමාලා මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සංස්කෘතික අංශය මඟින් සංවිධානය කරන ලද මෙම උත්සවය, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපතිතුමන්, දෙහිවල ප්‍රාදේශිය ලේකම් වයි. කේ. ශිරෝමි ජීවමාලා මහත්මිය මහරගම, තිඹිරිගස්යාය, මොරටුව, රත්මලාන හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශිය ලේකම්වරු, නාගරික කොමසාරිස් හා විදුහල්පතිවරු, මාණ්ඩලික නිලධාරීන් හා කාර්යාල නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන්, කලා කරුවන් හා පාසැල් දරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.































