2020 ශ්‍රී විභූති දෙහිවල ප්‍රාදේශිය සාහිත්‍ය කලා මහෝත්සවය-2020.12.23 දින දෙහිවල එස්.ද.එස්.ජයසිංහ රඟහලේදී කොළඹ මහ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා තරණි ගමගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. ප්‍රවීන කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා ප්‍රවීණ කලා ශිල්පී විජේරත්න වරකාගොඩ, නිශ්ශංක දිද්දෙනිය හා රොඩ්නි වර්ණකුලසූරිය මහතාගේ නාට්‍ය ගීතයන්ගෙන් හා දේශන වලින් සුපෝෂණය විය..
කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා හට එතුමන් විසින් රාජ්‍ය සේවය වෙනුවෙන් කරන ලද මෙහෙය හා කැපවීම වෙනුවෙන් දෙහිවල ශ්‍රී විභූති සම්මානයෙන් පිදුම් ලැබු  අතර .නිවුණු හැදුණු පිරුණු සොදුරු මිනිසුන් පිරි පින්බර දේශයක් නිර්මාණය කිරීමේ උදාරතර කර්තව්‍ය උදෙසා විවිධ අංශවලින් කලාකෙත සුපෝෂණයට දායක වූ 
සාහිත්‍ය කලාව-මාදිනියාර් ආනන්දරාජා 
සාහිත්‍ය කලාව-කේ.ගෝපාලපිල්ලෙයි 
ජනමාධ්‍ය කලාව- කමල් ගමගේ
නර්තන කලාව - තිළිණි අනුරුද්ධි ගෝමස් 
සංගීත කලාව-දිස්නි නාකන්දල
සිනමා හා සාහිත්‍ය කලාව-සරත්  සිල්වා
රංගන කලාව-එරික් ෆැන්සිස් ට්‍රැන්කල්
නර්තන කලාව-සන්ධ්‍යා කුමාරී හේවාවසම්
ජනමාධ්‍ය කලාව-ඩබ්.නිලන්ත සංජීව ෆොන්සේකා
සමාජ මෙහෙවර-ඒ.ඩී.සුගන්ධ සමීරණ
සංගීත කලාව-රමේශ්  ප්‍රනාන්දු යන කලාකරුවන් 11 දෙනාද  දෙහිවල ශ්‍රී විභූති සම්මානයෙන් පිදුම් ලැබූහ.ප්‍රාදේශීය  ලේකම්තුමියගේ උපදෙස් පරිදි සංස්කෘතික නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය හා සංස්කෘතික බලමණ්ඩලය එක්ව මෙම උත්සවය සංවිධනය කරන ලදි.....
 
(වැඩිදුර තොරතුරු හා ඡායාරූප සඳහා පිවිසෙන්න අපගේ facebook පිටුවට)https://web.facebook.com/dehiwala.ds.gov.lkIMG 1416
 
IMG 1469

News & Events

11
ஆக2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

20
ஜூன்2026
සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

   දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය...

குடியுரிமை சாசனம்

Scroll To Top