අපගේ දැක්ම
“ දෙහිවල පුරවරයට තිරසාර සංවර්ධනයක්”
අපගේ මෙහෙවර
“රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය සහ ජනතා සහාභාගීත්වයෙන් යුතු කාර්යක්ෂම තිරසාර සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම”

භූගෝලීය පිහිටීම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ භෞතික පසුබිම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය : දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපිනය: අංක 154, ගාලු පාර, දෙහිවල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යටතේ ඇති ග්‍රාම නිලධාරී වසම : දෙහිවල බටහිර
මැතිවරණ කොට්ඨාසය : දෙහිවල
දිස්ත්‍රික්කය: කොළඹ
පළාත: බස්නාහිර
නිරපේක්ෂ පිහිටීම
උතුරු අක්ෂාංශ 6.5'1" දක්වා සහ කල්පවත්නා පිහිටීම අනුව ව්‍යාප්ත වේ. එය දේශාංශ 79.5'1" සිට 79.5'2" දක්වා විහිදේ.
සාපේක්ෂ පිහිටීම - මායිම්
උතුරට : දෙහිවල වැව සහ කෝට්ටේ නගර සභා බල ප්‍රදේශය.
දකුණට : ගල්කිස්ස සහ කවුඩාන බටහිර ග්‍රාම නිලධාරී වසම.
නැගෙනහිර : වේරස් සහ බොල්ගොඩ වැවේ කොටසක් සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මායිම.
බටහිර: ස්වභාවික වෙරළ තීරය.
සමස්තයක් වශයෙන් වර්ග කිලෝමීටර 8.71 ක් හෝ හෙක්ටයාර 871.03 ක කුඩා භූමි ප්‍රදේශයක් අයත් වේ.
කොළඔ දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණය වූ වර්ග කි.මී.673.62 හා සසඳන විට දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රතිශත අගය 1.29% ක් පමණ වේ. පිහිටීම අතින් මෙම කොට්ඨාශයට ඉහළ වටිනාකමක් ඇති වීමට හේතු කිහිපයක් බලපා තිබේ.
දෙහිවල යනු වාණිජ අගනුවර වන කොළඹට දකුණින් පිහිටි නගරයකි. එය සෘජුවම කොළඹ ප්‍රවාහන මාර්ගයට සම්බන්ධ වේ.
කොළඹ වාණිජමය නගරයට සෘජුව සම්බන්ධ වන්නා වූ පරිවහන පද්ධතිය මගින් අවට ප්‍රදේශය හා මනා සම්බන්ධතාවක් පෙන්වයි. මේ නිසාම එහි නාගරීකරණය ඉතා ඉහළ මට්ටමක පවතී . කොළඔ මාතර A2 ප්‍රධාන මාර්ගය හා කොළඹ මාතර මුහුදුබඩ දුම්රිය මාර්ගය මෙම කොට්ඨාශය හරහා ගමන් කිරීමත් මෙහිලා වැදගත් වේ. තව ද මෙම ප්‍රදේශයේ පිහිටීම ගැන සලකා බලන කල බටහිරින් මුහුදින් සීමා වන නිසා අලංකාර මුහුදු වෙරළක් ද උරුම වී ඇත. දකුණු කොළඹ ශික්ෂණ රෝහල සහ දෙහිවල ජාතික සත්වෝද්‍යානය ආදි වැදගත් ස්ථාන මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වේ.
ඉතිහාසය
දෙහිවල ප්‍රදේශයේ ඉතිහාසය පිළිබඳව විවිධ අදහස් ජනප්‍රවාදයේ සඳහන් වේ.
“දෙහිවල” යන නාමය සෑදී ඇති ආකාරය පිළිබඳව ජනප්‍රවාදය තුළ විවිධ අදහස් පවතී. “දිය + වල” යන වචන දෙක එකතු වීමෙන් “දෙහිවල” යන නාමය සෑදී ඇති බවට මතයක් පවතී . අතීතයේදී මෙම ප්‍රදේශය පොකුණු හා ජල වලවල් සහිත ප්‍රදේශයක් වූ බැවින් “දියවල” ලෙසට ප්‍රකට වූ බවත් එය ජනවහරේදී පසුව “දෙහිවල” බවට පත්වූ බවටත් ජනප්‍රවාදයේ සඳහන් වේ.
අතීතයේදී මෙම ප්‍රදේශය දෙහි වගාවට ඉතා ප්‍රසිද්ධ ප්‍රදේශයක් වූ බැවින් “දෙහිවන” එනම් “දෙහි කැළැව” යන්න පසුව ජනවහරේදී “දෙහිවල” ලෙස ප්‍රකට වූ බවටද ජනප්‍රවාදයේ තවත් මතයක් පවතී . කොට්ටේ රජු වයඔ පළාතෙන් දෙහි ගෙනෙන තුරු බලා නොසිට දෙහිවලින් අවශ්‍ය දෙහි ලබා ගත් බවට ජනප්‍රවාදය තුළ සඳහන් වන්නේ මේ නිසාය.
දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් විවිධ ග්‍රාමයන්හි නම් නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව ද ජනප්‍රවාදය තුළ විවිධ අදහස් පවතී.
- හත්බෝධිය
මෙම ප්‍රදේශයේ බෝධි හතක් සහිත විහාරස්ථානයක් වු බැවින් එම විහාරස්ථානය හත්බොධිය විහාරස්ථානය නමින් හැඳින්වූ බව ද එම විහාරස්ථානය පිහිටි ප්‍රදේශය “හත්බොධිය” ලෙස හැඳින්වු බව ද ජනප්‍රවාදයේ සඳහන් වේ.
- නිකපේ
මෙය අතීතයේදී වටිනා දේශීය ඖෂධයක් වූ නික ගස් වලින් හා වෙනත් දේශීය ඖෂද වලින් පිරී පැවති බවට ජනප්‍රවාදය තුළ අදහස් පවතී . “නික+පේ” එනම් “නික+කැලෑව” යනුවෙන් මෙම පෙදෙස හැඳන්වු බවට පැරණි මතවාද පවතී. ගොවියන් විශාල ප්‍රමාණයක් ගොවිතැන් කල අත්තිඩිය වෙල්යාය ද මෙම ග්‍රාමයට අයත්ය.
- කරගම්පිටිය
ධීවර කර්මාන්තයේ යෙදුනු කරාව කුලයට අයත් බොහෝ පිරිසක් මේ ප්‍රදේශයේ ජීවත් වූ බැවින් මෙම ග්‍රාමයට “කරගම්පිටිය” යන නම ව්‍යවහාර වු බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
- උද්‍යානය
අතීතයේදී “පට්ටියමුල්ල” ලෙස මෙම ප්‍රදේශය හඳුන්වා ඇත. කෝට්ටේ රජවාසලට එළකිරි සැපයීම සදහා වූ හරක් පට්ටිය මෙම ප්‍රදේශයේ පිහිටා තිබු බව සඳහන් වේ. රජවාසලට අයත් 500 ඉක්මවූ ගැල් ප්‍රමාණයක් පැවත් බවටත් හා ගැල් ගවයන් අති විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ සිටි බවටත් ජනප්‍රවාදයේ අදහස් පවතී.
- විලවල
වර්ෂා කාලවලදී මෙම ප්‍රදේශය පුරා ගලා ගිය මහා ජලකඳ හේතුවෙන් විවිධ ස්ථාන වල විල් හා වලවල් බොහොමයක් ඇති විය. විල් හා වලවල් වලින් ගහණ වූ බැවින් මෙම ප්‍රදේශය “විලවල” ලෙස හැඳින්වූ බව පැරැණ්නන් අතර අදහස් පවතී.
- පාමංකඩ
පැපිලියාන සුනේත්‍රාදේවි රජමහා විහාරයේ සිට කිරුලපන බලපොකුණ රජමහා විහාරයටත්, එතැනින් පාමංකඩ විහාරයටත් උමගක් පැවති බවත්. මේධය කුමරු කොළඔ කොටුවේ රාජකීය හිර ගෙදරින් මුදවාගෙන ඒමට එම උමග තැනූ බවටත් ජනප්‍රවාදයේ සඳහන් වේ. පාමංකඩ ශ්‍රී මහා විහාරයෙන් නොනැවතී කොළඔ කොටුවේ රාජකීය හිරගෙදර දක්වා උමග හෑරීමෙන් අනතුරුව මේධය කුමරු හිරගෙදරින් මුදවාගෙන පැපිලියානට රැගෙන ආ බවද කියවේ. බලපොකුණ රජමහා විහාරයත් පාමංකඩ රජමහා විහාරයත් අතර බිම්කඩෙහි නිරන්තරයෙන් සිංහල හේවායන් පා ගමනින් ගමන් කල බැවින් එම බිම්කඩ “පාමංකඩ” ලෙස ප්‍රසිද්ධ වන්නට ඇතැයි ජනප්‍රවාදයේ අදහස් පවතී.
- කළුබෝවිල
දෙහිවල ගාලුපාර කොටස හැර ප්‍රදේශය මැද පිහිටි කොටස භූගෝලීය වශයෙන් හිල් වීදියේ කන්ද, නැදිමාලේ කන්ද. ආදී කඳු වළල්ලකින් වටවී තිබූ බවට අදහස් පවතී . මෙම කඳුවලට සම්බන්ධ පොළව යට කොටසෙහි අඩි කිහිපයක් යනතුරු කබොක් පසක් ද, ඉන් අනතුරුව දැවැන්ත කලු ගලක්ද පවතින බව කියවේ. මේ හේතුවෙන් මෙම කඳු පාමුල ප්‍රදේශයේ කළු ගලින් නිර්මිත ගල් වලින් පැවති බවත් , එම ගල් වලවල් ජලයෙන් පිරී අඳුරු විල් ලෙස දිස්වූ බවත්, ජනප්‍රවාදෙය් අදහස් පවතී. බොහෝ කළු විල් සහිත ප්‍රදේශය එනම් “කළු+බොහෝ+විල” “කළුබෝවිල” ලෙස ප්‍රසිද්ධ වූයේ මේ නිසා බව කියවේ.
1988 වර්ෂයේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
|
නම |
සිට |
දක්වා |
|
ජෝර්ජ් කුලතුංග මහතා |
1988 |
1989 |
|
සිල්මන් ගුණරත්න මහතා |
1989 |
1992 |
|
බී. ඩී. දහනායක මහතා |
1992 |
1996.11.03 |
|
කේ. ඒ. තිලකරත්න මහතා |
1996.11.04 |
1998.11.30 |
|
සී. වාස් ගුණවර්ධන මහතා |
1998.12.01 |
2000.02.17 |
|
කේ. ඩී. ආර්. එන්. විජේසිංහ මහතා |
2000.02.23 |
2005.01.23 |
|
ඩබිලිව්. සුනීතා කුරේ මිය |
2006.03.08 |
2012.01.07 |
|
කේ. චම්පා එන්. පෙරේරා මිය |
2012.01.17 |
2016.04.21 |
|
ඩී. ඒ. හේමසිරි පියතිලක මයා(වැඩ බලන) |
2016.04.22 |
2016.06.22 |
|
එන්. බාලසුබ්‍රමනියම් මිය |
2016.06.23 |
2022.02.28 |
|
හිමාලි කරුණාරත්න මිය(වැඩ බලන) |
2022.03.01 |
2022.03.07 |
|
ඉන්දික රෝසා මයා |
2022.03.07 |
2022.05.09 |
|
වයි. කේ. ශිරෝමි ජීවමාලා මිය |
2022.05.09 |
2022.11.30 |
|
හිමාලි කරුණාරත්න මිය(වැඩ බලන) |
2022.11.30 |
2023.05.04 |
|
ඒ. එම්. නන්දසිරි මයා |
2023.05.04 | මේ දක්වා |















