2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළබඳ පනත
ඉහත පනත යටතේ මෙම ආයතනයට අදාල තොරතුරු ලබාගැනීම සඳහා පහත සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරණ අයදුම් පත්‍රය මඟින් අයදුම් කළ හැකිය.(RTI 01 අයදුම්පත්‍රය බාගත කිරීමට අවශ්‍ය නම් මෙම ලින්ක් එක ක්ලික් කරන්න) මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.
| තොරතුරු නිලධාරීන් |
|||
| නම | ඊ.එම්.එස්.එම්.ඒකනායක මෙය |
ජී.පී.ඩී.ද සිල්වා මෙය |
නිහාල් ගුණසේන මයා |
| තනතුර | සහකාර ප්‍රාදේශීය ලේකම් | පරිපාලන නිලධාරී |
පරිපාලන නිලධාරී |
| ලිපිනය | නො 154.ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,දෙහිවල | නො 154.ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,දෙහිවල | නො 154.ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,දෙහිවල |
| දුරකථන අංකය | 0112 712 406 | 011-2738152 | 011-2738152 |
| විද්‍යුත් ලිපිනය |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|

01. තොරතුරු ලබා ගැනීමට ලිඛිත RTI 01 අයදුම්පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුණු බවට ලිපියක් ලබා ගන්න.
02. ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයිය හැකි ද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුව ද දින 14ක් තුළ දන්වනු ලැබේ.
03. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය ඔබට දන්වා එවනු ඇත. තොරතුරු ලබා ගැනීමට ගෙවීමක් කළ යුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14ක් තුළ තොරතුරු ලබා දෙනු ඇත.
04. ගාස්තු ගෙවීමෙන් පසු දින 14ක් තුළ තොරුතුරු ලබාදීම අපහසු වේ නම් තොරතුරු නිලධාරියා විසින් එකි කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබා දෙනු ඇත.
05. තොරතුරු ලබා ගැනීම සඳහා වන ඉල්ලීම යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48ක් තුළ සිදු කරනු ඇත.
06. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම.
පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරීම.
පනත මඟින් නිශ්චිතවම දක්වා ඇති කාලසීමාවන්ට අනුකූල නොවීම.
සම්පූර්ණ නොවූ, නොමග යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරීම.
වැඩිපුර ගාස්තු අයකිරීම.
ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරී විසින් ප්‍රතික්ෂේප කිරීම.
එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘතිකර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම මත අතෘප්තියට පත්වන්නේ නම්
පහත සඳහන් නම් කළ නිලධාරියා වෙත දින 14ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න.
(නම් කළ නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය RTI10 බාගත කිරීමට අවශ්‍ය නම් මෙම ලින්ක් එක ක්ලික් කරන්න)
| නම් කළ නිලධාරී(අභියාචනා නිලධාරී |
|
| නම | හිමාලි කරුණාරත්න මිය |
| තනතුර | ප්‍රාදේශීය ලේකම්(වැඩ බලන) |
| ලිපිනය | නො 154.ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,දෙහිවල |
| දුරකථන අංකය | 011-2725679 |