“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව දෙහිවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වැඩසටහන
“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කළ “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන 2026-08-08 දින දෙහිවල දුම්රිය ස්ථානය අවට සහ වෙරළ තීරය අවට පවිත්‍ර කිරීමේ වැඩසටහන පැවැත්විණි.
දෙහිවල ප්‍රදේශීය ලේකම් කාර්යාලය සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මූලිකත්වයෙන්, දෙහිවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නිළධාරීන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, පොලිස් නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඇතුලු සිවිල් සංවිධානවල සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
















