| පළමු වරට නව ජාතික හැඳුනුම්පත අයදුම් කිරීම |
- ජාතික හැඳුනුම්පත් අයදුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත යුතුය.
- වයස අවුරුදු 15 සම්පූර්ණ වූ සෑම පුරවැසියෙකුම ජාතික හැඳුනුම්පතක් සඳහා ඉල්ලුම් කළ යුතුය.
- අයදුම්කරු වයස අවුරුදු 16 සම්පූර්ණ කර ඇත්නම්, අයදුම්කරු රු. 250.00 දඩ මුදලක් ප්‍රමාද ගාස්තුවක් ලෙස රජයට ගෙවිය යුතුය.
- අයදුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද මුල් උප්පැන්න සහතිකය සහ ඡායා පිටපතක් අමුණා තිබිය යුතුය.
- පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අනුමත ඡායාරූප ශාලාවකින් ලබාගත් 'ඡායාරූප යොමුව' අමුණා තිබිය යුතුය.
- ග්‍රාම නිලධාරීවරයාට රුපියල් 100.00 ගෙවූ රිසිට්පත ඉල්ලුම් පත්‍රයේ 5 වැනි පිටුවේ ඇලවිය යුතුය.
- නම සහ ලිපිනය නොලියූ රුපියල් 110.00 මුද්දර සහිත ලියුම් කවරයක් අමුණා තිබිය යුතුය.
- සම්පුර්ණ කරන ලද අයදුම්පත ග්‍රාම නිලධාරී වෙත භාර දිය යුතුය.
|
| ජාතික හැඳුනුම්පත සංශෝධන සඳහා අයදුම් කිරීම |
- ජාතික හැඳුනුම්පත් අයදුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත යුතුය.
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසින් සහතික කරන ලද මුල් උප්පැන්න සහතිකය අමුණා තිබිය යුතු අතර උප්පැන්න සහතිකයේ ඡායා පිටපත ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතුය.
- පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අනුමත ඡායාරූප ශාලාවකින් ලබාගත් 'ඡායාරූප යොමුව' අමුණා තිබිය යුතුය.
- ග්‍රාම නිලධාරීවරයාට රුපියල් 250.00 ගෙවූ රිසිට්පත ඉල්ලුම්පත්‍රයේ 5 වැනි පිටුවේ ඇලවිය යුතුය.
- නම සහ ලිපිනය නොලියූ රුපියල් 110.00 මුද්දර සහිත ලියුම් කවරයක් අමුණන්න.
- පැරණි ජාතික හැඳුනුම්පත ඇමිණිය යුතුය.
- සම්පුර්ණ කරන ලද අයදුම්පත ග්‍රාම නිලධාරී වෙත භාර දිය යුතුය.
|
| ජාතික හැඳුනුම්පත නැතිවූ විට අයදුම් කිරීම |
- ජාතික හැඳුනුම්පත් අයදුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත යුතුය.
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසින් සහතික කරන ලද මුල් උප්පැන්න සහතිකය අමුණා තිබිය යුතු අතර උප්පැන්න සහතිකයේ ඡායා පිටපත ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතුය.
- පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අනුමත ඡායාරූප ශාලාවකින් ලබාගත් 'ඡායාරූප යොමුව' ඇමිණිය යුතුය.
- පොලිස් වාර්තාව ඇමිණිය යුතුය.
- ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර ඇති බවට සාක්ෂි ලෙස සඳහන් කර ඇති ජාතික හැඳුනුම්පත් අංකය සහිත පිටපත් තුනක් අමුණා තිබිය යුතුය. (රියදුරු බලපත්‍රය, බැංකු පොත, විදේශ ගමන් බලපත්‍රය, රක්ෂණ කාඩ්පත යනාදිය)
- ග්‍රාම නිලධාරීවරයාට රුපියල් 500.00 ගෙවූ රිසිට්පත ඉල්ලුම්පත්‍රයේ 5 වැනි පිටුවේ ඇලවිය යුතුය.
- නම සහ ලිපිනය නොලියූ රුපියල් 110.00 මුද්දර සහිත ලියුම් කවරයක් අමුණන්න.
- සම්පුර්ණ කරන ලද අයදුම්පත ග්‍රාම නිලධාරී වෙත භාර දිය යුතුය.
|
| අමතර විස්තර සහ අවශ්‍ය ලියකියවිලි |
උපත සිදු වූයේ රටින් පිටත නම්,
- ජාතික හැඳුනුම්පත් අයදුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත යුතුය.
- උපන් රට විසින් නිකුත් කරන ලද මුල් උප්පැන්න සහතිකය හෝ උපන් රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද කොන්සියුලර් උප්පැන්න සහතිකය අමුණා තිබිය යුතුය.
- උපත පිළිබඳ ලියාපදිංචි ACT සහතිකය අමුණා තිබිය යුතුය.
- පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අනුමත ඡායාරූප ශාලාවකින් ලබාගත් 'ඡායාරූප යොමුව' ඇමිණිය යුතුය.
- ග්‍රාම නිලධාරීවරයාට රුපියල් 250.00 ගෙවූ රිසිට්පත ඉල්ලුම්පත්‍රයේ 5 වැනි පිටුවේ ඇලවිය යුතුය.
- නම සහ ලිපිනය නොලියූ රුපියල් 110.00 මුද්දර සහිත ලියුම් කවරයක් අමුණන්න.
- සම්පුර්ණ කරන ලද අයදුම්පත ග්‍රාම නිලධාරී වෙත භාර දිය යුතුය.
|
ද්විත්ව පුරවැසියන් සඳහා,
- ජාතික හැඳුනුම්පත් අයදුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත යුතුය.
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසින් සහතික කරන ලද මුල් උප්පැන්න සහතිකය අමුණා තිබිය යුතු අතර ග්‍රාම නිලධාරී විසින් සහතික කළ උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක් අමුණා තිබිය යුතුය.
- ද්විත්ව පුරවැසි සහතිකය අමුණා තිබිය යුතුය.
- ද්විත්ව පුරවැසිභාවය මාස 6 කට වඩා වැඩි නම්, අයදුම්කරු රු. 250.00 ක දඩයක් රජයට ගෙවිය යුතුය.