දෙහිවල ගෙවතු වගා දිසාපතිතුමාගේ නිරීක්ෂණයට

**********************************************

"අහරින් සපිරි කොළොම්තොටක්"කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ උදාරතර සංකල්පයකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වගා වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් ශිරෝමි ජීවමාලා මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 15 ම ආවරණය කරමින් සියළුම රාජ්‍ය ආයතන,පාසල් ආගමික ස්ථාන,පෙරපාසල් ,ළමා නිවාස ,වැඩිහිටි නිවාස,ක්‍රිඩා සංගම්,කළායතන වැනි රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල,සංවිධානවල , සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

එම වැඩසටහනෙහි වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම 2022.07.07 වන දින දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ මුලිකත්වයෙන් සිදුකෙරිණි. මෙහිදී දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගෙවත්ත,ප්‍රෙස්බිටිරියන් විදුහලේ ගෙවත්ත,මංගලාරාම විහාරස්ථානයේ ගෙවත්ත,ටොඩ්ලර් පෙරපාසලේ ගෙවත්ත,ඇතුළු ගෙවතු කිහිපයක් එතුමාගේ අධීක්ෂණයට බඳුන්විය.

මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම් ශිරෝමි ජීවමාලා මහත්මිය, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ කේ.ජී.එච්.සේනක සිල්වා මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් ඊ.එම්.එස්.එම්.ඒකනායක මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) වරුණ සුගන්ධ මහතා, සමෘද්ධි මූලස්ථාන කලමනාකරු කුමුදු පෙරේරා මහත්මිය,ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්,සමෘද්ධි සංවර්ධන නිලධාරීන්,කෘෂි පරියේෂණ සහකාර නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගිවූහ.

ge1

ge2

ge4

ge5

 

News & Events

11
අගෝ2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

20
ජූනි2026
සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

   දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය...

Scroll To Top