රැකියා විරහිත උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් රැකියා නියුක්ත කිරීම ඇරඹේ

සිංහල අයදුම්පත

  • අයැදුම්පත්ඉදිරිපත් කිරීමපෙබරවාරි 14 දාට පෙර …
  • 2019-12-31 වන දිනට වයස අවුරුදු 35ට අඩු විය යුතුය
  • වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000/ක දිමනාවක්
  • දිස්ත්‍රීක් මට්ටමින් පත්වීම්

රුකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන ඇරඹේ.

රට වෙනුවෙන් වැඩ කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම උදෙසා තරුණ ප්‍රජාව තිරසර සංවර්ධන ක්‍රියාවලියට විශ්වාසනීය හා තාර්කික පදනමක් මත දායක කර ගැනීම මෙහි අරමුණයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව වැඩසටහන සැලසුම් කොට ක්‍රියාත්මක කෙරේ.

රැකියා අපේක්ෂකයන් විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 වන දිනට සම්පූර්ණ කර තිබිය යුතුය. එදිනට  වයස අවුරුදු 35ට නොවැඩි විය යුතුය. අයැදුම්කරු, අයැදුම්පත ඉදිරිපත් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථීර පදිංචිකරුවෙකු සහ පූර්වාසන්න වසර 03 කාල සීමාව තුළ රැකියාවක නිරත නොවූවකු විය යුතුය.

අයැදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර උපාධි සහතිකය හෝ ඩිප්ලෝමා සහතිකය සහ ප්‍රතිඵල ලේඛනයේ ඡායා පිටපතක් (මුල් පිටපත අනුව, සසඳා සාමදාන විනිශ්චයකාරවරයෙකු/නීතිඥයෙකු විසින් සත්‍ය පිටපතක් බව සහතිකර) 2020-02-14 වන දිනට පෙර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් එවිය යුතුය. ටහන 2020,

ආයතන කළමනාකරණ සහ සම්බන්ධිකරණ අංශය,
ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01 ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය.

ලිපියේ වම් පස ඉහළ කෙළවර, උපාධිධාරියෙකු නම් “උපාධිධාරී /(දිස්ත්‍රික්කයේ නම) යනුවෙන් ද, ඩිප්ලෝමාධාරියෙකු නම් ඩිප්ලෝමාධාරී / (දිස්ත්‍රික්කයේ නම) යන්නද සඳහන් කර තිබිය යුතුය.නියමිත දිනට පසුව ලැබෙන අයැදුම්පත්‍ ප්‍රතික්ෂේප කරනු ලැබේ. 

තෝරා ගන්නා පිරිස 

අධ්‍යාපන අමාත්‍යාංශය (ග්‍රාමීය හා වතු පාසල්), 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව, 

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, 

වනජීවි දෙපාර්තමේන්තුව, 

දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව, 

සෞඛ්‍ය අමාත්‍යාංශය (ග්‍රාමීය රෝහල්/ඩිස්පෙන්සරි), 

මිනින්දෝරු දෙපාර්තමේන්තුව, 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, 

සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව,

තක්සේරු දෙපාර්තමේන්තුව, 

ආගමන විගමන දෙපාර්තමේන්තුව යන ක්ෂේත්‍රවල සේවා නියුක්ත කෙරේ.

වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000/ක දිමනාවක් ගෙවනු ලැබේ. දිස්ත්‍රික්ක පදනමින් පත්වීම් කෙරෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 05ක් සේවය කිරීම අනිවාර්ය වේ.

News & Events

11
අගෝ2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

20
ජූනි2026
සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

   දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය...

Scroll To Top