දෙහිවල හා රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇති හිමිකාරිත්වයක් නොමැති ඇළ මාර්ග හා අසතුටුදායක නඩත්තු සහිත ඇල මාර්ග සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැවැති ප්‍රාදේශිය සම්බන්ධීකරණ අනුකමිටු රැස්වීම..
**********************************************************************************************************************************************

දෙහිවල හා රත්මලාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ඇති හිමිකාරිත්වයක් නොමැති ඇළ මාර්ග හා අසතුටුදායක නඩත්තු සහිත ඇල මාර්ග සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැවැති ප්‍රාදේශිය සම්බන්ධීකරණ අනුකමිටු රැස්වීම දෙහිවල ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මේජර් ප්‍රදීප් උඳුගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.01.20 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම රැස්වීම සඳහා දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු උප සභාපති පොදුජන පෙරමුණේ දෙහිවල ආසන සංවිධායක ධනසිරි අමරතුංග මහතා, දෙහිවල නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතා,දෙහිවල නියෝජ්‍ය නගරාධිපති කිර්තී උඩවත්ත මහතා,දෙහිවල ප්‍රාදේශිය ලේකම්තුමිය,රත්මලාන ප්‍රාදේශිය ලේකම්තුමිය, දෙහිවල සහකාර අධ්යක්ෂ තුමා(සැලසුම්), රත්මලාන සහකාර අධ්යක්ෂ තුමිය(සැලසුම්) දෙහිවල හා රත්මලාන ආසන නියෝජනය කරන පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් හා නාගරික සංවර්ධන අධිකාරීය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව ඇතුළු කොට්ඨාසයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද සහභාගි වූහ.. මෙහිදී දෙහිවල හා රත්මලාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ඇති හිමිකාරිත්වයක් නොමැති ඇළ මාර්ග හා අසතුටුදායක නඩත්තු සහිත ඇල මාර්ග සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්ර්යාමාර්ග පිළිබඳව සාකච්ජා කරන ලදී .















