වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් සකස්කළ දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 15ට අදාළ ග්‍රාම සංවර්ධන සැලැස්ම එළි දකියි.

කොට්ඨාශයේ සියළුම ග්‍රාම නිලධාරී වසම් තුළ සංවර්ධනය උදෙසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් සකසන ලද ග්‍රාම සංවර්ධන සැලැස්ම දෙහිවල ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදිප් උඳුගොඩ මැතිතුමා වෙත පිරිනැමීම 2021.01.27 වන දින දෙහිවල ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී සිදුකෙරිණී. එක් එක් වසමට අදාළ සංවර්ධන සැලැස්ම, වසමේ දේශපාලන නියෝජතයින්ගේ,ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන කමිටුවල හා මහජනතාවගේ අදහස් හා යෝජනාද උපයෝගි කරගනිමින් සකස් කර ඇත.ප්‍රදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීම යටතේ සහකාර අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන)තුමාගේ උපදෙස් හා අධික්ෂණය යටතේ වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් නිර්මාණය කළ ග්‍රාම සංවර්ධන සැලැස්ම එම නිලධාරීන් විසින්ම දෙහිවල ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදිප් උඳුගොඩ මැතිතුමා වෙත පිරිනමන ලදී.මෙම අවස්ථාව සදහා මෙම රැස්වීම සඳහා, ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු උප සභාපති පොදුජන පෙරමුණේ දෙහිවල ආසන සංවිධායක ධනසිරි අමරතුංග මහතා, දෙහිවල නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතා, දෙහිවල ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර අධ්යක්ෂ තුමා(ක්‍රමසම්පාදන), දෙහිවල ආසනය නියෝජනය කරන පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් ඇතුළු කොට්ඨාසයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද සහභාගි වූහ.වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් නිර්මාණය කළ එක් එක් වසමට අදාළ ග්‍රාම සංවර්ධන සැලැස්ම අපගේ කාර්යාලීයය වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට බාගත කිරීමට හෝ කියවීමට හැකියාව ඇත. http://www.dehiwala.ds.gov.lk/.../en/development-needs.html

143823551 1288039318233335 488698551486494499 o

News & Events

11
අගෝ2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

20
ජූනි2026
සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

   දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය...

Scroll To Top