නැදිමාල කඩවත පාර සිරිසේන දහනායක ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුතු ඇරඹෙයි.
**********************************************************************************************************************************************
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය හා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන " ග්‍රාමීය ක්‍රීඩාංගන සංවර්ධන ව්‍යාපෘතිය "යටතේ දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැදිමාල කඩවත පාර සිරිසේන දහනායක ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ වැඩසටහන 2021.03.02 දින(අද) පෙ.ව.10.25ට යෙදුණු සුබ මෙහොතින් සිදුකෙරිණි.
දෙහිවල ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා දෙහිවල නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතා,නාගරික කොමසාරිස් තුමා ,සහකාර අධ්යක්ෂ තුමා(ක්‍රමසම්පාදන),ක්‍රිඩා අමාත්‍යතුමාගේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ ලේකම් ගයාන් මහතා,දෙහිවල ආසනය නියෝජනය කරන පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නිලධාරීන් සහභාගිවූහ.
මෙම වැඩසටහන සංවිධානය දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී ගමගේ මහතා,තරුණ සේවා නිලධාරී හා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ක්‍රීඩා නිලධාරී දීනේෂ් මහතා මඟින් සිදුකෙරිණි.
















