"ඔබ සමඟ අපි" ප්‍රාදේශීය පරිපාලන මාර්ගෝපදේශනය
"We are with you'' Divisional Administrative Guide
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සිදුකෙරෙන මහජන සේවාවන් පිළිබදව මහජනතාව දැනුවත් කිරීමට හා ඒ සම්බන්ධයෙන් පැනනැගෙන ගැටළු නිරාකරණයට කාර්යාල නිලධාරීන් සතියේ සෑම සිකුරාදා දිනකම දහවල් 12.30 සිට 01.30 දක්වා පුරා පැයක් සජීවීව ඔබ හමුවට පැමිණෙයි.

නව වසරේ සෞභාග්‍ය දැක්ම පිරිත් දුම්රිය-2020
පිරිත් දුම්රිය පිළිගනිමින් පිරිත් දුම්රියේ පිරිත් දේශනය කරන ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පරිෂ්කාර පුජාව කරමින් උතුරේ අඩු ආදායම්ලාභි පවුල් 400,ගර්භනි මාතාවන් 150ක් හා පාසල් දරුවන් 300ක් වෙත ද්‍රව්‍යමය ආධාර ලබාදීම සඳහා දායකත්වය ලබාදීමේ වැඩසටහන
මෙම කාර්යය ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය,පරිපාලන ග්‍රාම නිලධාරී,බෞද්ධ කටයුතතු සමායෝජක නිලධාරි ඇතුළු කාර්යාලයීය නිලධාරීගේ සහ දෙහිවල දුම්රිය ස්ථානධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් හා දායකත්වයෙන් සිදුවිය.

වැඩි විස්තර හා වීඩියෝ,ඡායාරූප සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/
බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවාගැනිමේ සම්මුඛ පරීක්ෂණය
2020.02.26 දින සිට 2020.02.29 දින දක්වා පෙ.ව.8.30 සිට ප.ව.3.30 දක්වා දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී
අයදුම්කරුවන් විසින් සම්මුඛ පරික්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු ලේඛන
- ජාතික හැඳුනුම්පත / විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය
- උප්පැන්න සහතිකය (මුල් පිටපත)
- සමෘද්ධි සහනාධාර ලබන්නෙකු නම්, සමෘද්ධි සහනාධාරය ගිණුම් ගතවන බවට පාස්පොත
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, පළාත්, ජාතික, මට්ටමින් ලබාගත් ක්‍රිඩා කුසලතා සහතික
- පාසලෙන් ලබාගත් අස්වීම් සහතිකය/ ශිෂ්‍ය කාර්ය දර්ශකය
- අ.පො.ස.(සා/පෙළ) විභාග ප්‍රතිඵල ලේඛනය
- ඉල්ලුම්කරු, ආබාධිත පුද්ගලයෙකු හෝ පවුලේ සාමාජිකයෙකු ආබාධිත නම්, ඒ බව සනාථ කිරීමට හැකි වෛද්‍ය සහතික
- ඉල්ලුම්කරු, වැන්දඹු තත්වයට පත්වූවකු නම්, ඒ බව සනාථ කිරීමට අදාල ලියවිලි
-
ප්‍රදේශය තුල සිදු කරනු ලබන පොදු ශ්‍රමදාන හා සමාජසේවා කටයුතු හෝ ස්වේච්ඡා සංවිධාන සමිති සමාගම්වල කටයුතු වල යෙදුණු බවට සනාථ කෙරෙන සහතික
***ඉහත සදහන් ලේඛන අතුරින් කුමන ලේඛනයක් හෝ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නොහැකිනම්, එම ලේඛනය වෙනුවෙන් දිවුරුම් ප්‍රකාශයක් ඉල්ලුම්කරු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කළයුතුය.
| අයදුම්කරුවන්ගේ නිලධාරී වසම | සම්මුඛ පරීක්ෂණ දිනය | |
| 537 විලවල | 2020.02.26 | |
| 540 දෙහිවල නැගෙනහිර | 2020.02.26 | |
| 536 A උද්‍යාන | 2020.02.27 | |
| 538 C සරණංකර | 2020.02.27 | |
| 537A දුටුගැමුණු | 2020.02.28 | |
| 540A දෙහිවල බටහිර | 2020.02.28 | |
| 537B කොහුවල | 2020.02.28 | |
| 539/42 කරගම්පිටිය | 2020.02.28 | |
| 539/42B නැගෙනහිර කව්ඩාන | 2020.02.28 | |
| 538 කළුබෝවිල | 2020.02.28 | |
| 538 B හත්බෝධිය | 2020.02.29 | |
| 540B ජයතිලක | 2020.02.29 | |
| 538A ගල්වල | 2020.02.29 | |
| 536 නැදිමාල | 2020.02.29 | |
|
539/42 A මල්වත්ත |
2020.02.29 |
සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීම සඳහා සුදුසුකම්ලත් අයඳුම්කරුවන්ට ඒ සදහා සහභාගි විය යුතු දිනයන් ලිපි මඟින් හෝ දුරකතන මාර්ගයෙන් දැනුම් දෙනු ලැබේ.
වැඩිදුර තොරතුරු විමසීම් සඳහා - ජී.පී.ඩී.ද සිල්වා,පරිපාලන නිලධාරි-0112725679
You Can Obtain Further Details From The Following Link Of The Website Of Epidemiology Unit, Ministry Of Health About Present Situation And Guidelines To Prevent From Corona (COVID -19)

















