සුපිපිණු නෙළුම් විලස-සුවඳ දෙන සිත් ඇති පුංචි දරුවන්ගේ සිහින සැබෑ කර ලොව ජය ගැනුමට වෙර දරනා පුංචි සිත්වලට දිරිය අත්වැලක් ලෙස පිදෙන”නැණ මිණි” කැපකරු ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන- දෙහිවල

***********************************************************************

කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන "නැණ මිණි" කැපකරු ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහනේ දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨසීය වැඩසටහන, දෙහිවල ප්‍රාදේශීය ලේකම් වයි.කේ. ශිරෝමි ජීවමාලා මැතිනියගේ උපදෙස් හා මඟපෙන්විම යටතේ සහකාර ප්‍රාදේශීය ලේකම් සාලිකා ඒකනායක මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද අතර, එම වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් මහ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එස් ද එස් ජයසිංහ රඟහලේදී පසුගියදා පැවැත්විණි.

මෙම වැඩසටහනේදී ආර්ථික අපහසුතා සහිත පවුල්වල දරුවන් 133 ක් දෙනෙකු සදහා ශිෂ්‍යත්ව පිරිනැමිණි.

මෙම අවස්ථාවට කොළඹ දිසාවේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් හා දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිලධාරීන්, කාර්ය මණ්ඩලය ඇතුළුව ශිෂ්‍යත්වය ලබාදීම වෙනුවෙන් දායකත්වය ලබාදුන් කැපකරු මහත්ම මහත්මීන් ද සහභාගී විය.

එලෙසම, පාසල් උපකරණ සංචිතය සඳහා රාජ්‍ය නොවන සංවිධාන හා පරිත්‍යාගශීලින් විසින් උපකරණ ලබාදීමට ද කටයුතු කෙරිණි.

1322

1401

1403

1405

Due to the current situation in the country, we have decided to issue birth/death and marriage certificates every week on Mondays and Wednesdays from 8.30 am to 4.00 pm.
 
Divisional secretary
ගම සමඟ පිළිසඳර යටතේ ක්රියාත්මක අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහනේ කොළඹ දිස්ත්රික් සමාරම්භක උත්සවය 2022.පෙබරවාරී මස 03 වන දින නුගේගොඩ සාන්ත ජෝන් විද්යාලයේදී පැවැත්විණී .එහිදී මහසංඝරත්නයේ ආශිර්වාද මධ්යයේ පෙරවරු 8.52ට යෙදුනු සුබ මොහොතින් බාලදක්ෂ කුටිය සඳහා මුල්ගල් තැබීම සිදුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා ගරු මහ සංඝරත්නය, දෙහිවල ප්රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්රී මේජර් ප්රදිප් උඳුගොඩ මැතිතුමා, දෙහිවල ප්රාදේශීය සම්බන්ධිකරණ උප සභාපති ධනසිරි අමරතුංග මැතිතුමා, කොළඹ දිසාපති ප්රදීප් යසරත්න මැතිතුමා, දිස්ත්රික් අධ්යක්ෂක ක්රමසම්පාදන සේනක සිල්වා මහතා,දිස්ත්රික් ප්රධාන ගණකාධිකාරී,දිස්ත්රික් සමෘද්ධි අධ්යක්ෂ ,නියෝජ්ය ප්රධාන ලේකම් (සැලසුම්),කොට්ඨාස අධ්යාපන අධ්යක්ෂතුමිය, දෙහිවල නාගරික මන්ත්රි සමන්ත කොස්තා ඇතුළු මහජන නියෝජිතයින්, දෙහිවල ප්රාදේශීය ලේකම් නලිනි බාලසුබ්රමනියම් මහත්මිය, සහකාර ප්රාදේශීය ලේකම් ඊ.එම්.එස්.එම්.ඒකනායක මෙය,සහකාර අධ්යක්ෂ (ක්රමසම්පාදන) වරුණ සුගන්ධ මහතා, ගණකාධිකාරී මධුරංග මහතා,සමෘද්ධි මූලස්ථාන කලමනකරු කුමුදු පෙරේරා මහත්මිය,ග්රාම නිලධාරීන්,ආර්ථික සංවර්ධන නිලධාරින්,සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්ර නිලධාරීන්,නුගේගොඩ සාන්ත ජෝන් විද්යාලයේ විදුහල්පති ,නියෝජ්ය විදුහල්පතිවරු ඇතුළු ආචාර්ය මණ්ඩලය,විදුහලේ ආදිශිෂ්යයන් හා දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.......................................................

..12

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා දින සැමරුම් වැඩසටහනක් පසුගියදා දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.ප්‍රාදේශීය ලේකම් ඉන්දික රෝසා මහතා උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම් ඊ.එම්.එස්.එම්.ඒකනායක මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු කාන්තා දින සැමරුම් උත්සවය වනිතා සංවර්ධන නිලධාරී කල්පානි මහත්මිය හා කාන්තා කාර්ය බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලදී.මෙම උත්සව අවස්ථාව සඳහා සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) වරුණ සුගන්ධ මහතා, ගණකාධිකාරී මධුරංග මහතා, පරිපාලන නිලධාරී පුබුදු මෙනවිය, සමෘද්ධි මූලස්ථාන කලමනාකරු කුමුදු පෙරේරා මහත්මිය හා ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙන්ම කොට්ඨාසයේ කාන්තා සමිති සාමජිකාවන්ද සහභාගී වූහ.............
women3
women2
women
දේශයේ අභිවෘද්ධිය සඳහා ඉහළ ඵලදායිතාවයක් ළඟා කර ගැනීමේ අරමුණින් වර්ෂ 2022 දී පෞද්ගලික අංශයට අවශ්‍ය ශ්‍රම ඉල්ලුම හඳුනා ගැනීම
කොවිඩ් 19 වසංගතයෙන් දැඩි පසුබෑමකට ලක් වී තිබෙන ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමේ අරමුණින් දේශයේ අභිවෘද්ධිය උදෙසා පෞද්ගලික අංශයෙහි ඵලදායිතාවය ඉහළ නැංවීමට දායක වීම අපගේ බලාපොරොත්තු වේ.
මේ සඳහා පෞද්ගලික අංශයේ සියලුම ආයතනයන්ගේ 2022 වර්ෂය සඳහා අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීමට අවශ්‍ය වන ශ්‍රම ඉල්ලුම පිළිබඳ තොරතුරු එක් රැස් කිරීමට අප අපේක්ෂා කරමු.
ඒ සඳහා පහත දැක්වෙන කෙටි ගූගල් ප්‍රශ්නාවලියට වගකීමෙන් යුතුව නිවැරදි තොරතුරු සපයා 2021 ජූලි මස තුල දී අප වෙත එවන මෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙම කාර්ය සාර්ථක කර ගැනීමේ දි ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමු.
මෙමගින් එක් රැස්කරනු ලබන දත්ත හුදෙක් රටේ ඉදිරි සැලසුම් සකස් කිරිම සඳහා පමණක් භාවිතා කෙරෙන අතර, කිසිදු නීතිමය කටයුත්තකට හෝ භාවිතා නොකරන බවටත් එහි රහස්‍යභාවය පුර්ණ වශයෙන් ආරක්ෂා කරනු ලබන බවටත් අප සහතික වන්නෙමු.

වැඩිදුර විමසීම් සදහා ;
දුරකථන අංකය: 0112368055
ඊ මේල් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

News & Events

11
Aug2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

20
Jun2026
සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

   දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය...

Scroll To Top