උප්පැන්න සහතික නොමැති සෑම පුරවැසියෙකුටම උප්පැන්න සහතික ලබාදීමේ විශේෂ වැඩසටහන
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්රියාත්මක උප්පැන්න සහතික නොමැති සෑම පුරවැසියෙකුටම උප්පැන්න සහතික ලබාදීමේ විශේෂ වැඩසටහන (රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්ගේ HA/3/3/57-1 හා 2021.01.07 දිනැති ලිපිය අනුව)
දිනය-2021.02.20 වන සෙනසුරාදා
වේලාව-පෙ.ව 9.00 සිට 03.00 දක්වා
ස්ථානය-ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය
ග්‍රාම නිලධාරීන් හට තොරතුරු ලබාදුන් උප්පැන්න සහතික නොමැති පුද්ගලයින් හට මේ වනවිටත් අවශ්ය තොරතුරු තැපැල් මඟින් දන්වා ඇති අතර ග්‍රාම නිලධාරීන් හට තොරතුරු ලබා නොදුන්/ උප්පැන්න සහතික නොමැති පුද්ගලයින් පහත සඳහන් ලියකියවිලිද රැගෙන පැමිණෙන්න..
• රෝහල් උපත් වාර්තාව
• මවගේ හා පියාගේ උපපැන්න සහතිකය
• විවාහ සහතිකය
• ග්‍රාම නිලධාරී වාර්තාව.
green club
73 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව පැවැත් වූ රුක් රෝපණ වැඩසටහන හා ශ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රමදාන වැඩසටහන
*************************************************************************************************************************************************
73 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් රුක්රෝපණ වැඩසටහනක් හා ශ්‍රමදාන වැඩසටහනක් දෙහිවල වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදි.දෙහිවල වාසල ඇළ අසල සිට දෙහිවල දුම්රිය පොළ දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කරමින් පොල්පැල රෝපණය කිරීම මෙහිදී සිදුකෙරිණි.
මේ සඳහා දෙහිවල ප්‍රාදේශීය ලේකම්තුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය,සහකාර අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන),ගණකාධිකාරී,පරිපාලන ග්‍රාම නිලධාරී,කෘෂි නිලධාරී,වෙරළ සංරක්ෂණ නිලධාරී ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් රැසක් සහභාගි වූහ..
 
වැඩි විස්තර හා  වීඩියෝ,ඡායාරූප  සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/
143488830 1292455171125083 3916802470731712802 o
දෙහිවල හා රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇති හිමිකාරිත්වයක් නොමැති ඇළ මාර්ග හා අසතුටුදායක නඩත්තු සහිත ඇල මාර්ග සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් පැවැති ප්‍රාදේශිය සම්බන්ධීකරණ අනුකමිටු රැස්වීම..
**********************************************************************************************************************************************
141031045 1283083648728902 4375969393615419246 o
දෙහිවල හා රත්මලාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ඇති හිමිකාරිත්වයක් නොමැති ඇළ මාර්ග හා අසතුටුදායක නඩත්තු සහිත ඇල මාර්ග සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැවැති ප්‍රාදේශිය සම්බන්ධීකරණ අනුකමිටු රැස්වීම දෙහිවල ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මේජර් ප්‍රදීප් උඳුගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.01.20 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම රැස්වීම සඳහා දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු උප සභාපති පොදුජන පෙරමුණේ දෙහිවල ආසන සංවිධායක ධනසිරි අමරතුංග මහතා, දෙහිවල නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතා,දෙහිවල නියෝජ්‍ය නගරාධිපති කිර්තී උඩවත්ත මහතා,දෙහිවල ප්‍රාදේශිය ලේකම්තුමිය,රත්මලාන ප්‍රාදේශිය ලේකම්තුමිය, දෙහිවල සහකාර අධ්‍යක්ෂ තුමා(සැලසුම්), රත්මලාන සහකාර අධ්‍යක්ෂ තුමිය(සැලසුම්) දෙහිවල හා රත්මලාන ආසන නියෝජනය කරන පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් හා නාගරික සංවර්ධන අධිකාරීය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව ඇතුළු කොට්ඨාසයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද සහභාගි වූහ.. මෙහිදී දෙහිවල හා රත්මලාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ඇති හිමිකාරිත්වයක් නොමැති ඇළ මාර්ග හා අසතුටුදායක නඩත්තු සහිත ඇල මාර්ග සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍ර්යාමාර්ග පිළිබඳව සාකච්ජා කරන ලදී .

වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් සකස්කළ දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 15ට අදාළ ග්‍රාම සංවර්ධන සැලැස්ම එළි දකියි.

කොට්ඨාශයේ සියළුම ග්‍රාම නිලධාරී වසම් තුළ සංවර්ධනය උදෙසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් සකසන ලද ග්‍රාම සංවර්ධන සැලැස්ම දෙහිවල ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදිප් උඳුගොඩ මැතිතුමා වෙත පිරිනැමීම 2021.01.27 වන දින දෙහිවල ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී සිදුකෙරිණී. එක් එක් වසමට අදාළ සංවර්ධන සැලැස්ම, වසමේ දේශපාලන නියෝජතයින්ගේ,ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන කමිටුවල හා මහජනතාවගේ අදහස් හා යෝජනාද උපයෝගි කරගනිමින් සකස් කර ඇත.ප්‍රදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීම යටතේ සහකාර අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන)තුමාගේ උපදෙස් හා අධික්ෂණය යටතේ වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් නිර්මාණය කළ ග්‍රාම සංවර්ධන සැලැස්ම එම නිලධාරීන් විසින්ම දෙහිවල ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදිප් උඳුගොඩ මැතිතුමා වෙත පිරිනමන ලදී.මෙම අවස්ථාව සදහා මෙම රැස්වීම සඳහා, ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු උප සභාපති පොදුජන පෙරමුණේ දෙහිවල ආසන සංවිධායක ධනසිරි අමරතුංග මහතා, දෙහිවල නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතා, දෙහිවල ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර අධ්යක්ෂ තුමා(ක්‍රමසම්පාදන), දෙහිවල ආසනය නියෝජනය කරන පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් ඇතුළු කොට්ඨාසයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද සහභාගි වූහ.වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් නිර්මාණය කළ එක් එක් වසමට අදාළ ග්‍රාම සංවර්ධන සැලැස්ම අපගේ කාර්යාලීයය වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට බාගත කිරීමට හෝ කියවීමට හැකියාව ඇත. http://www.dehiwala.ds.gov.lk/.../en/development-needs.html

143823551 1288039318233335 488698551486494499 o

2020 ශ්‍රී විභූති දෙහිවල ප්‍රාදේශිය සාහිත්‍ය කලා මහෝත්සවය-2020.12.23 දින දෙහිවල එස්.ද.එස්.ජයසිංහ රඟහලේදී කොළඹ මහ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා තරණි ගමගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. ප්‍රවීන කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා ප්‍රවීණ කලා ශිල්පී විජේරත්න වරකාගොඩ, නිශ්ශංක දිද්දෙනිය හා රොඩ්නි වර්ණකුලසූරිය මහතාගේ නාට්‍ය ගීතයන්ගෙන් හා දේශන වලින් සුපෝෂණය විය..
කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා හට එතුමන් විසින් රාජ්‍ය සේවය වෙනුවෙන් කරන ලද මෙහෙය හා කැපවීම වෙනුවෙන් දෙහිවල ශ්‍රී විභූති සම්මානයෙන් පිදුම් ලැබු  අතර .නිවුණු හැදුණු පිරුණු සොදුරු මිනිසුන් පිරි පින්බර දේශයක් නිර්මාණය කිරීමේ උදාරතර කර්තව්‍ය උදෙසා විවිධ අංශවලින් කලාකෙත සුපෝෂණයට දායක වූ 
සාහිත්‍ය කලාව-මාදිනියාර් ආනන්දරාජා 
සාහිත්‍ය කලාව-කේ.ගෝපාලපිල්ලෙයි 
ජනමාධ්‍ය කලාව- කමල් ගමගේ
නර්තන කලාව - තිළිණි අනුරුද්ධි ගෝමස් 
සංගීත කලාව-දිස්නි නාකන්දල
සිනමා හා සාහිත්‍ය කලාව-සරත්  සිල්වා
රංගන කලාව-එරික් ෆැන්සිස් ට්‍රැන්කල්
නර්තන කලාව-සන්ධ්‍යා කුමාරී හේවාවසම්
ජනමාධ්‍ය කලාව-ඩබ්.නිලන්ත සංජීව ෆොන්සේකා
සමාජ මෙහෙවර-ඒ.ඩී.සුගන්ධ සමීරණ
සංගීත කලාව-රමේශ්  ප්‍රනාන්දු යන කලාකරුවන් 11 දෙනාද  දෙහිවල ශ්‍රී විභූති සම්මානයෙන් පිදුම් ලැබූහ.ප්‍රාදේශීය  ලේකම්තුමියගේ උපදෙස් පරිදි සංස්කෘතික නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය හා සංස්කෘතික බලමණ්ඩලය එක්ව මෙම උත්සවය සංවිධනය කරන ලදි.....
 
(වැඩිදුර තොරතුරු හා ඡායාරූප සඳහා පිවිසෙන්න අපගේ facebook පිටුවට)https://web.facebook.com/dehiwala.ds.gov.lkIMG 1416
 
IMG 1469

News & Events

11
ஆக2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

20
ஜூன்2026
සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

   දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය...

குடியுரிமை சாசனம்

Scroll To Top