"ඔබ සමඟ අපි" ප්‍රාදේශීය පරිපාලන මාර්ගෝපදේශනය
"We are with you'' Divisional Administrative Guide
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සිදුකෙරෙන මහජන සේවාවන් පිළිබදව මහජනතාව දැනුවත් කිරීමට හා ඒ සම්බන්ධයෙන් පැනනැගෙන ගැටළු නිරාකරණයට කාර්යාල නිලධාරීන් සතියේ සෑම සිකුරාදා දිනකම දහවල් 12.30 සිට 01.30 දක්වා පුරා පැයක් සජීවීව ඔබ හමුවට පැමිණෙයි.

නව වසරේ සෞභාග්‍ය දැක්ම පිරිත් දුම්රිය-2020
පිරිත් දුම්රිය පිළිගනිමින් පිරිත් දුම්රියේ පිරිත් දේශනය කරන ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පරිෂ්කාර පුජාව කරමින් උතුරේ අඩු ආදායම්ලාභි පවුල් 400,ගර්භනි මාතාවන් 150ක් හා පාසල් දරුවන් 300ක් වෙත ද්‍රව්‍යමය ආධාර ලබාදීම සඳහා දායකත්වය ලබාදීමේ වැඩසටහන
මෙම කාර්යය ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය,පරිපාලන ග්‍රාම නිලධාරී,බෞද්ධ කටයුතතු සමායෝජක නිලධාරි ඇතුළු කාර්යාලයීය නිලධාරීගේ සහ දෙහිවල දුම්රිය ස්ථානධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් හා දායකත්වයෙන් සිදුවිය.

වැඩි විස්තර හා වීඩියෝ,ඡායාරූප සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/
බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවාගැනිමේ සම්මුඛ පරීක්ෂණය
2020.02.26 දින සිට 2020.02.29 දින දක්වා පෙ.ව.8.30 සිට ප.ව.3.30 දක්වා දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී
අයදුම්කරුවන් විසින් සම්මුඛ පරික්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු ලේඛන
- ජාතික හැඳුනුම්පත / විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය
- උප්පැන්න සහතිකය (මුල් පිටපත)
- සමෘද්ධි සහනාධාර ලබන්නෙකු නම්, සමෘද්ධි සහනාධාරය ගිණුම් ගතවන බවට පාස්පොත
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, පළාත්, ජාතික, මට්ටමින් ලබාගත් ක්‍රිඩා කුසලතා සහතික
- පාසලෙන් ලබාගත් අස්වීම් සහතිකය/ ශිෂ්‍ය කාර්ය දර්ශකය
- අ.පො.ස.(සා/පෙළ) විභාග ප්‍රතිඵල ලේඛනය
- ඉල්ලුම්කරු, ආබාධිත පුද්ගලයෙකු හෝ පවුලේ සාමාජිකයෙකු ආබාධිත නම්, ඒ බව සනාථ කිරීමට හැකි වෛද්‍ය සහතික
- ඉල්ලුම්කරු, වැන්දඹු තත්වයට පත්වූවකු නම්, ඒ බව සනාථ කිරීමට අදාල ලියවිලි
-
ප්‍රදේශය තුල සිදු කරනු ලබන පොදු ශ්‍රමදාන හා සමාජසේවා කටයුතු හෝ ස්වේච්ඡා සංවිධාන සමිති සමාගම්වල කටයුතු වල යෙදුණු බවට සනාථ කෙරෙන සහතික
***ඉහත සදහන් ලේඛන අතුරින් කුමන ලේඛනයක් හෝ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නොහැකිනම්, එම ලේඛනය වෙනුවෙන් දිවුරුම් ප්‍රකාශයක් ඉල්ලුම්කරු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කළයුතුය.
| අයදුම්කරුවන්ගේ නිලධාරී වසම | සම්මුඛ පරීක්ෂණ දිනය | |
| 537 විලවල | 2020.02.26 | |
| 540 දෙහිවල නැගෙනහිර | 2020.02.26 | |
| 536 A උද්‍යාන | 2020.02.27 | |
| 538 C සරණංකර | 2020.02.27 | |
| 537A දුටුගැමුණු | 2020.02.28 | |
| 540A දෙහිවල බටහිර | 2020.02.28 | |
| 537B කොහුවල | 2020.02.28 | |
| 539/42 කරගම්පිටිය | 2020.02.28 | |
| 539/42B නැගෙනහිර කව්ඩාන | 2020.02.28 | |
| 538 කළුබෝවිල | 2020.02.28 | |
| 538 B හත්බෝධිය | 2020.02.29 | |
| 540B ජයතිලක | 2020.02.29 | |
| 538A ගල්වල | 2020.02.29 | |
| 536 නැදිමාල | 2020.02.29 | |
|
539/42 A මල්වත්ත |
2020.02.29 |
සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීම සඳහා සුදුසුකම්ලත් අයඳුම්කරුවන්ට ඒ සදහා සහභාගි විය යුතු දිනයන් ලිපි මඟින් හෝ දුරකතන මාර්ගයෙන් දැනුම් දෙනු ලැබේ.
වැඩිදුර තොරතුරු විමසීම් සඳහා - ජී.පී.ඩී.ද සිල්වා,පරිපාලන නිලධාරි-0112725679
කොරෝනා රෝග තත්වය(COVID-19) පිළිබද කාලීන තොරතුරු හා කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම පිලිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා රෝග අංශයේ පහත සදහන් වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකිය.

රැකියා විරහිත උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් රැකියා නියුක්ත කිරීම ඇරඹේ
- අයැදුම්පත්ඉදිරිපත් කිරීමපෙබරවාරි 14 දාට පෙර …
- 2019-12-31 වන දිනට වයස අවුරුදු 35ට අඩු විය යුතුය …
- වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000/ක දිමනාවක් …
- දිස්ත්‍රීක් මට්ටමින් පත්වීම් …
රුකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන ඇරඹේ.
රට වෙනුවෙන් වැඩ කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම උදෙසා තරුණ ප්‍රජාව තිරසර සංවර්ධන ක්‍රියාවලියට විශ්වාසනීය හා තාර්කික පදනමක් මත දායක කර ගැනීම මෙහි අරමුණයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව වැඩසටහන සැලසුම් කොට ක්‍රියාත්මක කෙරේ.
රැකියා අපේක්ෂකයන් විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 වන දිනට සම්පූර්ණ කර තිබිය යුතුය. එදිනට වයස අවුරුදු 35ට නොවැඩි විය යුතුය. අයැදුම්කරු, අයැදුම්පත ඉදිරිපත් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථීර පදිංචිකරුවෙකු සහ පූර්වාසන්න වසර 03 කාල සීමාව තුළ රැකියාවක නිරත නොවූවකු විය යුතුය.
අයැදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර උපාධි සහතිකය හෝ ඩිප්ලෝමා සහතිකය සහ ප්‍රතිඵල ලේඛනයේ ඡායා පිටපතක් (මුල් පිටපත අනුව, සසඳා සාමදාන විනිශ්චයකාරවරයෙකු/නීතිඥයෙකු විසින් සත්‍ය පිටපතක් බව සහතිකර) 2020-02-14 වන දිනට පෙර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් එවිය යුතුය. ටහන 2020,
ආයතන කළමනාකරණ සහ සම්බන්ධිකරණ අංශය,
ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01 ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය.
ලිපියේ වම් පස ඉහළ කෙළවර, උපාධිධාරියෙකු නම් “උපාධිධාරී /(දිස්ත්‍රික්කයේ නම) යනුවෙන් ද, ඩිප්ලෝමාධාරියෙකු නම් ඩිප්ලෝමාධාරී / (දිස්ත්‍රික්කයේ නම) යන්නද සඳහන් කර තිබිය යුතුය.නියමිත දිනට පසුව ලැබෙන අයැදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
තෝරා ගන්නා පිරිස
අධ්‍යාපන අමාත්‍යාංශය (ග්‍රාමීය හා වතු පාසල්),
වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව,
වනජීවි දෙපාර්තමේන්තුව,
දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව,
සෞඛ්‍ය අමාත්‍යාංශය (ග්‍රාමීය රෝහල්/ඩිස්පෙන්සරි),
මිනින්දෝරු දෙපාර්තමේන්තුව,
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව,
තක්සේරු දෙපාර්තමේන්තුව,
ආගමන විගමන දෙපාර්තමේන්තුව යන ක්ෂේත්‍රවල සේවා නියුක්ත කෙරේ.
වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000/ක දිමනාවක් ගෙවනු ලැබේ. දිස්ත්‍රික්ක පදනමින් පත්වීම් කෙරෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 05ක් සේවය කිරීම අනිවාර්ය වේ.















