දෙහිවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2021.03.22 වන දින දෙහිවල දාර්ශනිකාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ දෙහිවල ප්‍රාදේශීය ලේකම් නලිනි බාලසුබ්‍රමනියම් මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැති මෙම වැඩසටහන සඳහා ලේ පරිත්යාග කිරීමට දෙහිවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වල නිලධාරීන් හා ප්‍රදේශවාසීන් සහභාගි වූහ
160763332 1324704171233516 6094710949485981030 o

තරුණ ව්‍යවසායකයින් දිරි ගැන්වීම සඳහා රජයේ ඉඩම්වල ආයෝජන අවස්ථා ලබාදීමේ වැඩසටහන යටතේ තරුණ ව්‍යවසායකයින් ලක්ෂයකට රජයේ ඉඩම් ලබාදීමේ වැඩසටහන යටතේ දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සම්මුඛ පරීක්ෂණ 2021 මාර්තු මස 18 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරෙය්දී සිදු කෙරුණා.

එම සම්මුඛ පරීක්ෂණ ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව මගින් පැවැත් වූ අතර,දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අවශ්‍ය සහය ලබා දෙනු ලැබුවා.දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරි, ඉන්දිකා සේනාරත්න මහත්මිය විසින් සම්මුඛ පරීක්ෂණ වැඩසටහන සම්බන්ධීකරණය සිදු කෙරුණා.

162939506 1322477084789558 7556489993874914717 o

නැදිමාල කඩවත පාර සිරිසේන දහනායක ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුතු ඇරඹෙයි.

**********************************************************************************************************************************************

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය හා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන " ග්‍රාමීය ක්‍රීඩාංගන සංවර්ධන ව්‍යාපෘතිය "යටතේ දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැදිමාල කඩවත පාර සිරිසේන දහනායක ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ වැඩසටහන 2021.03.02 දින(අද) පෙ.ව.10.25ට යෙදුණු සුබ මෙහොතින් සිදුකෙරිණි.

දෙහිවල ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා දෙහිවල නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතා,නාගරික කොමසාරිස් තුමා ,සහකාර අධ්‍යක්ෂ තුමා(ක්‍රමසම්පාදන),ක්‍රිඩා අමාත්‍යතුමාගේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ ලේකම් ගයාන් මහතා,දෙහිවල ආසනය නියෝජනය කරන පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නිලධාරීන් සහභාගිවූහ.

මෙම වැඩසටහන සංවිධානය දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී ගමගේ මහතා,තරුණ සේවා නිලධාරී හා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ක්‍රීඩා නිලධාරී දීනේෂ් මහතා මඟින් සිදුකෙරිණි.

153339934 1310541639316436 1262438059662876728 o

ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහනක්
***********************************
දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායකයන් නඟා සිටුවීමේ අරමුණින් ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහනක් පසුගිය දා දෙහිවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීයය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. ගරු ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි, වනිතා සංවර්ධන නිලධාරිනි කල්පානි මහත්මියගේ සංවිධානයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය සපයනු ලද්දේ යුනිලීවර් ආයතනය මඟිනි.
ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට සමගාමීව කාන්තා සවිය සඟරාව සඳහා නිර්මාණ සපයන ලද කමලා දහනායක මහත්මිය දිරිගන්වමින් එම කාන්තා සවිය සඟරාව සහ ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදුවිය.
154614852 1311170409253559 9209582437558787166 o

දෙහිවල ජනතාවටත් කොරෝනා එන්නත

*************************************************************************************************

පළමු අදියර යටතේ පහත නම් සඳහන් ග්‍රාම නිලධාරි වසම්වල වයස අවුරුදු 60ට වැඩි ජනතාව සඳහා ..

  • 536-නැදිමාල 2021.02.26
  • 538C-ශ්‍රී සරණංකර 2021.02.27
  • 537 B-කොහුවල             2021.02.28
  • 536 A-උද්‍යාන 2021.03.02
  • 540-දෙහිවල නැගෙනහිර             2021.03.03
  • 539/42B-නැගෙනහිර කව්ඩාන 2021.03.05

කොරෝනා එන්නත ලබාගැනීම සඳහා පැමිණෙන ඹබ ...................................

  • ජාතික හැදුනුම්පත
  • වෙනත් වෛද්‍ය වාර්තා (තිබේ නම්) රැගෙන

දෙහිවල එස්.ද.එස් ජයසිංහ ශාලාව (දෙහිවල/ගල්කිස්ස මහනගර සභාව) වෙත පැමිණෙන්න.අදාල දිනවල උදෑසන 9.00 සිට කොරෝනා එන්නත ලබාදීම සිදුකෙරෙයි.

සැ.යු. කොරෝනා එන්නත ලබාගැනීම සඳහා තම වසමට අදාළ දිනයේ දී පමණක් සහභාගි වී මෙම කාර්යය සාර්ථක කරගැනීම ඹබගේ සහයෝගය ලබාදෙන්න.

153529279 1306735863030347 3321865544940194018 o

News & Events

11
අගෝ2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

20
ජූනි2026
සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

   දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය...

Scroll To Top