දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල සංචරණ සීමා පනවා ඇති කාලසීමාවේ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය හා භාණ්ඩ බෙදාහැරීම සඳහා ලියාපදිංචි.................................................................

  • වෙළදුන්ගේ නාම ලේඛනය...  Click Download .
  • තොග සැපයුම්කරුවන් නාම  ලේඛනය-Click Download
COVID-19 අනතුරු ඇඟවීම!....
174167873 1430121904006715 328129510465374699 n
ශ්රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇත. මීට අමතරව ලංකාව තුළ කොරෝනා වෛරසයේ ලංකාව තුළ මීට පෙර හමු නොවූ ප්රභේදයක්ද පසුගිය දවස් කිහිපය තුළ දී වාර්තා වී ඇත. මේ පිළිබඳව විද්යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්යනය කිරීම දැනටමත් සිදු වී ගෙන යන අතරතුර මහජනතාව ලෙස අප සියලු දෙනාම මේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුයි.
රෝග නිවාරණ උපදෙස් පිළිපැදීම මගින් රෝග පැතිරීම ඉතා ඉක්මනින් පාලනය කළ හැකි බව අප සියලු දෙනාම පසුගිය කාලයේ දී අත්දුටුවා. පසුගිය උත්සව සමය හා ඊට සමගාමීව මෙම සෞඛ්ය උපදෙස් පිළිපැදීම ක්රමයෙන් අඩු වීමක් දක්නට ලැබීම මෙම අලුත් අවදානම් තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වී ඇති බව නොඅනුමානයි.
යළිත් වරක් දැඩි නීති පැනවීම සහ සංචරණ සීමා පැනවීම වැනි ක්රියා මාර්ග වලට යොමු වීම වැළැක්වීම සඳහා සමාජයක් ලෙස රෝග නිවාරණය සඳහා අපගේ වගකීම යළිත් වරක් මතක් කර ගැනීම කාලෝචිත වනු ඇත.
දෑත් පිරිසිදුව තබා ගැනීම, මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස, උගුරේ අමාරුව, සෙම්ප්රතිශ්යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් මිනිසුන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම, පුද්ගලයන් වැඩිපුර රැස් වන ස්ථානවලට නොයා සිටීම මෙම නිවාරණ උපායමාර්ග අතර වේ.
සෞඛ්ය උපදෙස් නියමාකාරව පිළිපැදීම නිසා පසුගිය මාස කීපය තුළ යම් ආකාරයක නිදහසක් භුක්ති විඳීමට ලක් වාසී සියලු දෙනාටම හැකි වූයේ මීට පෙර අප විසින්ම ක්රියාවට නංවන ලද රෝග නිවාරණ කටයුතු නිසා බැවින් යළිත් වරක් එම උපදෙස් වලට අනුගතවීම අපට අපහසු කාර්යයක් නොවනු ඇත.
එම නිසා එළඹෙන කාල පරිච්ඡේදය පුරාවටම යළිත් වරක් සෞඛ්ය උපදෙස් අකුරටම පිළිපදිමින්, අනවශ්ය ගමන් බිමන් හැකිතාක් අවම කරමින්, තමාට රෝග ලක්ෂණ ඇත්නම් අන් අය ආරක්ෂා වන පරිදි හැසිරෙමින්, යළිත් වරක් කොරෝනා ආසාදන තත්ත්වය රට පුරා පැතිරීම වැළැක්වීමට ඔබ, අප සැමගේම කාර්යභාරය ඉටු කරන මෙන් සෞඛ්ය අමාත්යාංශය වෙනුවෙන් ලක්වාසී සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නෙමු.

අමරපුර නිකායේ මහා සංඝනායක,ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම 2021.03.26 වන දින දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සිදුකෙරිණි.මේ සඳහා ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වූහ..

163642257 1326657191038214 7905657492537401266 o

දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොරෝනා එන්නත ලබාදෙන අවසන් දිනය............

163636483 1327127037657896 5704172284591540834 o

165674314 1327127107657889 7708616611552760841 o

දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගල්වල,ජයතිලක හා මල්වත්ත ග්‍රාම නිලධාරී වසම්වල වයස අවු.60ට වැඩි ජනතාව සඳහා කොරෝනා එන්නත ලබාදීම 2021.03.25 වන බ්‍රහස්පතින්දා දින ජයසිංහ ශාලාවේදි සිදුකෙරුණි.
දෙහිවල ප්‍රාදේශීය සෞඛ්ය වෛද්‍ය නිලධාරී ඉන්දික කුලවර්ධන මහතාගේ මූලික මෙහෙයවීම යටතේ සෞඛ්ය අංශයේ නිලධාරීන්ගේ ද, ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීම යටතේ ගල්වල,ජයතිලක හා මල්වත්ත ග්‍රා නිලධාරී වසම්වල ,හා අනෙකුත් වසම්වල ග්රාම නිලධාරී,සමෘද්ධි සංවර්ධන නිලධාරී,ආර්ථික සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන්ගේ හා දෙහිවල ආසනය හා ගල්වල,ජයතිලක හා මල්වත්ත ග්රාම නිලධාරී වසම් නියෝජනය කරන දේශපාලන නියෝජිතයින්,දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ ද සහයෝගයෙන් යුතුව ක්රමවත්ව සිදුකෙරුණි.
163620626 1326569584380308 3837655351221413536 o

News & Events

11
අගෝ2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

20
ජූනි2026
සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

   දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය...

Scroll To Top