බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බදවාගැනීම

රට හදන සෞභාග්‍යයේ දැක්ම ඔබට රටක්-රටට හෙටක් තේමා කරගනිමින් බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුර සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැදවයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව "දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීම ප්‍රධාන සංකල්පය කරගනිමින් මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.ඒ සඳහා වන එක් තිරසාර ප්‍රධාන උපාය මාර්ගයක් වශයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල සිටින,අවම අධ්‍යාපන සුදුසුකම් සහිත සාමාජිකයන්ට,විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දීමෙන් පසුව රජයේ රැකියා ලබා දීම⁣ට ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමුව තිබේ.මෙම රැකියා ලබා දීමෙන් ඔවුන් ස්ථීර ආදායම් ලබන්නන් බවට පත් කර එම පවුල් දිළිඳු බවින් මුදවා ගැනීම සහ ශ්‍රම බලකායේ නිපුණතා තුළින් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමේ කාර්යයට සඵලදායී ලෙස දායක කර ගැනීම සඳහා රැකියා ලක්ෂයක් ලබා දීම පිණිස බදවා ගැනීමේ කටයුතු ජනවාරී (20) දින සිට ආරම්භ කෙරේ.
මේ සඳහා පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්තමේන්තුව මගින් විධිමත් ක්‍රමවේදයකට හඳුනාගන්නා රැකියා ලාභින්ට මාස හයක(06) ක පුහුණුවක් ලබාදේ.


1.සුදුසුකම්
අ.අ⁣.පො.ස (සා/පෙළ) සමත්වීමේ මට්ටමට වඩා පහළ මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් සහිතවීම(අධ්‍යාපන සුදුසුකම් අවම අයදුම්කරුවන්ට ප්‍රමුඛතා දෙනු ලැබේ)
ආ.අයදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා 40ට නොවැඩිවීම(වයස අවුරුදු 35ට අඩු අයදුම්කරුවන්ට ඉහළ ප්‍රමුඛතාව ලැබෙන අතර වයස අවුරුදු 30-40 අතර අයදුම්කරුවන්ට ඊළඟ ප්‍රමුඛතාවය හිමිවේ)
ඇ.සමෘද්ධි සහනාධාර ලබන පවුලක එහෙත් රැකියා විරහිත සාමාජිකයකුවීම හෝ
ඉ.වයස්ගත,රෝගාතුර දෙමව්පියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියාවක් නොමැති සාමාජිකයකුවීම
ඊ.අයදුම්කරන ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වීම

2.පුහුණුව සඳහා තෝරා ගැනීම


2.1 එක් පවුලකින් ඉහත අංක 1හි සුදුසුකම් සපුරා ඇති ඉල්ලුම්කරුවකු ගැන පමණක් සලකා බලනු ලැබේ
2.2 අයදුම්කරුවන් පදිංචි ගම ආශ්‍රිත ප්‍රදේශවල පවතින රැකියා අවස්ථා සහ අයදුම්කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්ෂේත්‍ර සියල්ලම සැලකිල්ලට ගෙන අදාල වෘත්තීය පුහුණුව සිදුකරනු ලැබේ.
2.3තමා පදිංචි ප්‍රදේශය තුළ හෝ ආසන්න ප්‍රදේශවල පුහුණු මධ්‍යස්ථානවල දී මෙම පුහුණුව සිදුකරනු ලැබේ
2.4.සාර්ථක පුහුණුවකින් පසු ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශවල රැකියාවල නිරත කරනු ලැබේ

වැටුප් හා දීමනා


මාස 06 ක අඛණ්ඩ පුහුණු කාලය තුළ මසකට රුපියල් 22500 ක දීමනාවක් ගෙවනු ලැබේ.සාර්ථකව පුහුණුව නිම කිරීමෙන් පසු තමා පුහුණුව ලැබූ ක්ෂේත්‍රයට අදාලව තමාගේ ස්ථිර පදිංචි ප්‍රදේශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නෙවෙන (PL 1) වැටුප් සහ දීමනා හිමි රජයේ ස්ථීර තනතුරකට පත්වීමට පුහුණුලාභින්ට අවස්ථාව ලැබේ.වසර 10ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසු රජයේ විශ්‍රාම වැටුපට හිමිකම් ලැබේ.
අයදුම්පත්
මෙම දැන්වීමේ සඳහන් අයදුම්පත් ආකෘතියට අනුව සකස් කරන ලද අයදුම්පත් ඔබට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත හැක.සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2020.02.15⁣ට පෙර ඔබ පදිංචි වසමේ ග්‍රාම නිලධාරි වෙත භාර දිය යුතුය.

v .පුහුණුව සඳහා අදාල ක්ෂේත්‍ර
1.කෘෂි නිශ්පාදන සහයක
2.සාත්තු සේවා,පවිත්‍රතා සේවා සහයක
3.ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සහයක
4.ආපදා කළමනාකරණ සහයක
5.පරිසර කළමනාකරණ සහයක
6.අළෙවි සේවා සහයක
7.ප්‍රවාහන කටයුතු සහයක
8.පරිගනක,තොරතුරු තාක්ෂණ,දුරකථන ක්‍රියාකරු හා සන්නිවේදන සහයක
9.මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සහායක
10.අරක්කැමි,භෝජනාගාර සේවක හා බොජුන්හල සහයක
11.තරු පංතියේ සංචාරක හෝටල් බංගලා සහයක සහ උද්‍යාන අලංකරණ සහයක
12.ක්‍රීඩා ආයතන කායවර්ධන මධ්‍යස්ථාන සහයක,ක්‍රීඩාංගන,පිහිටුම් තටාක සහයක සහ ජීවිතාරක්ෂක සහයක
13.වඩු කාර්මික හා වඩු සහයක
14.ඇඳුම් මැසීම
15.පෙදරේරු හා පෙදරේරු සහයක
16.රූපලාවන්‍ය මධ්‍යස්ථාන සහයක
17.විදුලි කාර්මික හා විදුලි කාර්මික සහයක සේවා
18.රියදුරු සහ රියදුරු සහයක
19.සත්ත්ව පාලනය හා ධීවර කටයුතු සහයක
20.ඉන්ධන පිරවුම්හල් හා රථවාහන පිරිසිදු කිරීමේ සහයක
21.දැල් හා ධීවර ආම්පන්න අලුත්වැඩියා සහායක
22.අවි රහිත ආරක්ෂක නියාමක
23.පූර්ව ළමා විය සංවර්ධන සහායක
24.වෑද්දුම්කරු සහයක සහ ජල නල කාර්මික
25.ගෘහ පාලන,සුභසාධන සහ නඩත්තු

අනුබුදු සුවඳ පොසොන් බැති ගී සරණිය-2019

වැඩි විස්තර හා  වීඩියෝ,ඡායාරූප  සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/

BT1

BT2

BT3

BT4

BT5

BT6

BT7

සබ්බේ තසන්ථි දන්ඩස්ස (සියලු සත්වයෝ දඩුවමට බියවෙති) යන 2019 රාජ්‍ය පොසොන් උත්සව තේමා පාඨය මුල්කරගනිමින් දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද දානමය පිංකම -

විස්තර සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/

D1

D2

D3

D4

2019 රාජ්‍ය පොසොන් උත්සවය මුල්කරගනිමින් කාර්යාලයේ සේවය කරන ගර්භනි මාතාවන්ට යහපත් හා නීරෝගීමත් වාසනාවන්ත දරු සම්පත් ප්‍රාර්ථනා කරමින් කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ දානමය පිංකම

G1

G2

G3

G4

රාජ්‍ය පොසොන් උළෙල නිමිත්තෙන් රටට හා මහජනතාවට සෙත් පතා දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද පරිත්‍රාණ ධර්ම දේශනා පිංකම

P1

P2

P3

News & Events

11
අගෝ2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

20
ජූනි2026
සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

   දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය...

Scroll To Top